Saturday, April 27, 2024

General line - 0115112241

මුගාබේ පක්ෂ නායකත්වයෙන් නෙරපා දමයි




සිම්බාබ්වේ පාලක පක්ෂය , ජනාධිපති රොබර්ට් මුගාබේ පක්ෂ නායකත්වයෙන් නෙරපා දමා තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ ඒ අනුව පාලන පක්ෂයේ නව නායකයා ලෙස එහි හිටපු උප ජනාධිපති එමෝසන් මුණංගාවා පත්කර ඇති බවයි.

------------

මුගාබේ යන්න බැහැ කියයි (17-11-2017 07:25)

කඩිනමින් ධුරය අත්හැරීමට සූදානම් නොමැති බව සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ පවසනවා. ඒ, රට තුළ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය තවත් තීව‍්‍ර කරමින්. සිම්බාබ්වේ හමුදාව එරට පාලනය සියතට ගැනීමෙන් අනතුරුව රොබට් මුගාබේ මේ වනවිට පසුවන්නේ නිවාස අඩස්සියේයි.

ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මුගාබේ සමග දකුණු අප‍්‍රිකාවේ මැදිහත්කරුවන් හා හමුදා නිලධාරීන් ඊයේ (16) සාකච්ඡා කළා. එම අවස්ථාවේදී ජනාධිපති ධුරය අත්හැරීමට හදිසියක් නොමැති බවයි මුගාබේ අවධාරණය කර ඇත්තේ. 
කෙසේ වෙතත් සිම්බාබ්වේ විපක්ෂ නායකවරයා පවසන්නේ රොබට් මුගාබේ හැකි ඉක්මණින් ජනාධිපති ධුරය හැරයනු දැකීම ජනතාවගේ අපේක්ෂාව බවයි.

ජනාධිපතිවරයා නිවාස අඩස්සියේ සිිටියදීම එරට හමුදාව සිම්බාබ්වේ තුළ අන්තර්වාර පාලනයක් පිහිටුවීමට ඊයේ පියවර ගත්තා.