Saturday, April 27, 2024

General line - 0115112241

නුවරඑළියේදී කාන්තාවක් ඝාතනයට (VIDEO)

වසන්ත පිවිතුරු




නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදීමෙන් කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඝාතනය අදාළ කාන්තාවගේ සැමියා විසින් සිදුකර ඇති බවට සැක කරන බවයි.

අදාළ කාන්තාවගේ සැමියා ද වස පානය කිරීම හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.

මියගොස් ඇත්තේ 41 හැවිරිදි හාවාඑළිය, ගැමුණු මාවත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක්

කෙසේ වෙතත් මියගිය කාන්තාවගේ සැමියා මැදපෙර දිග සේවය කර පැමිණ ඇති අතර කලක් රුකියාවක් නොමැතිව සිටි බව සඳහන්.

දෙදෙනා අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වී ඇති අතර පසුව දෙදෙනා දික්කසාද වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.