Friday, April 26, 2024

General line - 0115112241

සයින්දමර්දු නව ප්‍රාදේශීය සභාව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා




සයින්දමර්දු ප්‍රදේශයට නව ප්‍රාදේශීය සභාවක් ලබාදීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් ඉදිරියේදී පැවැත්වෙන බව විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තෆා පවසනවා. 

ඒ සඳහා නැගෙනහිර පළාත නියෝජනය කරන සියලූ දේශපාලන පක‍්ෂ සහභාගිවීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
සියළු පාක්ෂිකයන්ගේ එකඟතාවය මත ඊට අදාළව ක්‍රියාත්මක වන බවයි  අමාත්‍යවරයා සඳහන් කළේ.

සිය බලප්‍රදේශයටද ප්‍රාදේශිය සභාවක් ලබාදෙන ලෙස ඉල්ලා සයින්දමර්දු ප්‍රදේශවාසීන් ඉකුත්දා විරෝධතාවකද නිරත වුණා.