Friday, April 26, 2024

General line - 0115112241

දේශන පවත්වන්න, කුරාණය කටපාඩම් කරන්න, පොත් බෙදාහරින්න තහනම්! ආගමික කටයුතු පාලනයට ගෙනඑන නව පනත මෙන්න

ධරිත් පෙරේරා - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




එක්සත් අරාබි - එමිරේට්ස් ෆෙඩරල් ජාතික සභාවේ සමාජිකයින් මුස්ලිම් දේවස්ථාන තුළ නඩත්තු කටයුතු සහ ආගමික කටයුතු නියාමනය කිරීම සඳහා නව පනතක් ෆෙඩරල් සභාවට ඉදිරිපත් කර සම්මත කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පනතට අනුව ඉස්ලාම් ආගමට සම්බන්ධ දේශන, කුරාණය කටපාඩම් කිරීම, රැස්වීම් පැවැත්වීම, පරිත්‍යාග එකතු කිරීම, පොත් බෙදාහැරීම සහ වෙනත් ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා ඉස්ලාමීය කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ලබාගත යුතු වන අතර ඉස්ලාම් ආගමට සම්බන්ධ දේවල් පළකිරීම, කුරාණයේ පිටපත් බෙදාහැරීම, ගෘහභාණ්ඩ සැපයීම නව පනත මගින් තහනම් කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ පනත ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් අරාබි එමිරේට්ස් ජනපතිගේ අනුමැතිය ලැබිය යුතු වනවා.

මෙම පනත උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව මාස තුනක සිරදඩුවමක් සහ එමිරේට්ස් ඩිරාම් 20,000 කට නොඅඩු දඩයක් නියම කරන බව විදෙස් මාධ්‍ය වාර්තා තුළ සඳහන්.