Saturday, April 27, 2024

General line - 0115112241

පළමු ටෙස්ට් තරගයේදි ශ්‍රි ලංකාව අභිබවමින් ඉන්දියාව පෙරට පැමිණෙයි (PHOTO)(UPDATE)

කසුන් කැලුම්




ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය 2වන ඉණිමේදී ඉන්දිය කණ්ඩායම සාර්ථක පිළිතුරක් අද (19) ලබා දුන්නා.

, තරගයේ සිව් වන දිනය නිමාවන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 171ක් රැස් කර ගනිමින්. 

ආරම්භක පිතිකරු යුගලයේ සබතාව ලකුණු 166 ක්.

කේ.එල්.රාහුල් නොදැවී ලකුණු 73යි.

ශිකර් දවාන් ලකුණු 94කට දැවී ගියා. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 294කට සීමා වුණා.

ඉන්දීය කණ්ඩායමේ පළමු ඉනිම සහා රැස් කරගත්තේ ලකුණු 172ක් පමණයි. ඒ අනුව ඉන්දියාව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 49ක් ඉදිරියෙන් සිටිනවා.

--------------------------

රංගන හේරත් නව වාර්තාවක් (19-11-2017 13:45)

ඉන්දීය කණ්ඩායම සමග දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට රංගන හේරත් සමත් වුණා. 39 හැවිරිදි වියේදී ශ්‍රී ලාංකික පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්. මීට පෙර එම වාර්තාවට හිමි කම් කීවේ ඩී ඒස් ද සිල්වායි.

ඔහු එම වයස අවුරුදු 39දී ලකුණු 61ක් ගස් කරමින් මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවා. කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමු ඉනිම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 294ක් රැස් කළා.

ඒ ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 172කට පිළිතුරු වශයෙන්.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් රංගන හේරත් ලකුණු 67ක්ල ලහිරු තිරිමාන්න ලකුණු 51ක් සහ ඇන්ජලෝ මැතිවිස් ලකුණු 52ක් රැස් කළා.

ශ්‍රි ලංකා කණ්ඩායම ඉන්දීය පළමු ඉනිමඩ ලකුණු 122ක් ඉදිරියෙන් සිටිනවා. මෙම තරගයේ අද සිවුවන දිනයයි.

-------------------

ශ්‍රී ලංකාවේ පළමු ඉනිම 294කට සීමා වේ (19-11-2017 13:13)

ඉන්දියාවට එරෙහි ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සංචාරක, ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 294 ක් රැස් කරයි. රංගන හේරත් 67 යි. ශ්‍රී ලංකාව, ඉන්දියාවට වඩා ලකුණු 122ක් ඉදිරියෙන්.

-------------------

ශ්‍රී ලංකා ඉනිමෙත් කඩුලු 08ක් බිඳවැටේ (19-11-2017 12:51)

ශ‍්‍රී  ලංකාව සහ ඉන්දියාව අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න් ක‍්‍රීඩාංගනයේ පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ අද (19) 4 වන දිනයයි.

දිවා විවේකය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 263ක් ලබාගෙන සිටියා.

ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී රැස් කර ගත්තේ ලකුනු 172ක් පමණයි. 

ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තවත් කඩුලූ 2ක් අතැතිව ඉන්දියාවට වඩා ලකුණු 91ක් ඉදිරියෙන් සිටිනවා. රංගන හේරත් නොදැවී ලකුණු 43යි.  

(මේ පිළිබඳ කළින් පුවත මෙතැනින්)