Friday, April 26, 2024

General line - 0115112241

නොබියව කොමිසම හමුවේ පෙනී සිටියා.. හංගන්න දෙයක් නෑ - අගමැති කියයි (UPDATE)




අඩුපාඩු සිදුවිය හැකි අතර කිසිවක් සැඟවිය නොහැකි බවත් රටට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් බැඳුම්කර කොමිසම හමුවේ පැවසීමට අවස්ථාව හිමි වූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.

තමා සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ඇතුළු ඇමතිවරුන් බියකින් තොරව කොමිසම හමුවේ පෙනි සිටි බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසම හමුවේ  විනාඩි 90ක පමණ කාලයක් සාක්ෂි ලබාදුන් බව සඳහන්.

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා අග්‍රාමාත්‍යවරයා අද (20) පෙරවරු 10.00ට එහි පැමිණියා.

සාක්ෂි ලබාදීමෙන් අනතුරුව ඔහු 11.30 ට පමණ කොමිසමෙන් පිටත්ව ගොස් තිබෙනවා.

-----------------------------

සාක්ෂි දීමට අගමැති පැමිණෙයි (20-11-2017 09:55)

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බැඳුම්කර සිද්ධිය පිිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා මේ වන විට පැමිණ තිබෙනවා.

ඉකුත් බ‍්‍රහස්පතින්දා කොමිසම අගමැතිවරයාට දැනුම් දුන්නේ අද (20) දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටයි.

 

---------------------------------

අගමැති අද බැඳුම්කර කොමිසමට 

(20-11-2017 05:47)

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බැඳුම්කර සිද්ධිය පිිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමසම හමුවේ අද (20) පෙනී සිටීමට නියමිතයි.

ඉකුත් බ‍්‍රහස්පතින්දා කොමිසම අගමැතිවරයාට දැනුම් දුන්නේ අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටයි.  

ඕනෑම අවස්ථාවක බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට තමන් සූදානම් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා. 

2015 වසරේ පෙබරවාරි මස පළමුවැනිදා සිට 2016 වසරේ මාර්තු මස 31වැනිදා අතර කාලය තුළ සිදුවූ බව කියන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශනය කිරීමටයි ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කළේ.  

මේ අතර, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් බැඳුම්කර කොමිසමේදී  සාක්ෂි විමසන අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන යසන්ත කෝදාගොඩ හා දප්පුල ද ලිවේරා අද දිනයේ බැඳුම්කර කොමිසමට නොපැමිණෙන බවටද වාර්තා වනවා. අද දිනයේදී නීතිපතිවරයා කොමිසමට පැමිණෙන බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් අනාවරණ වුණේ.