Friday, April 26, 2024

General line - 0115112241

ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ මන්ත්‍රිවරයෙන් TNAට

දිනසේන රතුගමගේ - වවුනියාව




මුලතිව් දිස්ත්‍රික්කයෙන්  උතුරු පළාත් සභාව   නියෝජනය කල ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධාන මන්ත්‍රී පී.රවිහරන් 20 දා  දෙමළ ජාතික සන්ධානයේ යාපනය  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා හමුවී එහි පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.‍

ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වීමත් සමගම එම පක්ෂයේ කීප දෙනෙකු සංවිධානය අතහැර ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට පටන්ගෙන තිබෙන බව සඳහන්.

 

ඒ අනුව රවිහරන් මන්ත්‍රීවරයා පළමුව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට බැඳුණු අතර 21 දා වවුනියාවේ ඊ.පී.ආර්.එල්.එෆ්. සාමාජිකයෙකු වන ඉන්ද්‍රරාසාද ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය වෙත එකතු වීමට නියමිතව බවයි කියා සිටියේ.

රවිහරන් උතුරු පළාත් සභා මන්ත්‍රීවරයා මාවෙයි සේනාධිරාජා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පක්ෂ සාමාජිකත්වය ලබාගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.