Friday, April 26, 2024

General line - 0115112241

රොබට් මුගාබේ සිය තීරණය ලිපියක සටහන් කර එවයි - තීරණය දැනගත් ජනතාව හැසිරුණු හැටි (PHOTOS)




සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ වසර 37ක සිය පාලනය නිමකරමින්.

ලිපියකින් සිය තීරණය ප‍්‍රකාශයට පත්කර ඇති බවයි සිම්බාබ්වේ කතානායකවරයා නිල වශයෙන් ප‍්‍රකාශ කළේ.

ඒ සමගම සභා ගර්භයේ සිටි මන්ත‍්‍රීවරුන් ප‍්‍රීතියෙන් ඔල්වරසන් හඬ නැගූ බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.

මුගාබේ සිය තීරණය ප‍්‍රකාශයට පත්කළේ ඔහු ධුරයෙන් ඉවත් විය යුතු බවට බලකෙරෙන දෝශාභියෝගය ඉදිරිපත් කිරීමට මොහොතකට පෙරයි. 

මුගාබේ ධුරයෙන් ඉවත් වීම හේතුවෙන් සිම්බාබ්වේ රාජ්‍යයේ සැණකෙලි ස්වරූපයක් ගෙන ඇති බව ද විදෙස් මාධ්‍යයන්හි සඳහන්.

බොහෝ පිරිස් වීථිවලට බැස ජාතික ධජ ලෙළවමින් සිය සතුට සමරමින් සිටිනවා. ඒ අතරතුර එරට පාලක සානු පී.එෆ්. පක්ෂය රටේ ඉදිරිය ගැන සාකච්ඡා ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍යයන්හි වැඩිදුරටත් දැක්වෙන්නේ.