Saturday, April 27, 2024

General line - 0115112241

අතුරුගිරිය 'දුක්මුසු අනතුර' CCTV පටිගත වූ හැටි (VIDEO)

කේ බුද්ධික කුමාරසිරි




අතුරුගිරිය පරන හන්දිය ආසන්නයේදී ඊයේ (01) සවස සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ 65 හැවිරිදි පුද්ගලයෙකු හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බව අතුරුගිරිය පොලිසිය පවසනවා.

තුවාලකරු වෙළඳසැළකට  ගොස් මාර්ගය හරහා මාරුවෙමින් සිටියදී  අතුරුගිරිය සිට ගොඩගම දෙසට ධාවනය වූ  මෝටර් රථයක ගැටෙන ආකාරය අසල වෙලඳසැළක සවිකර තිබූ සීසී ටීවී කැමරාවක සටහන්ව තිබෙනවා.

තුවාලකරු අතුරුගිරිය ආසන්නයේ කුලී පදනම මත ජීවත්වන ගාල්ල පෝද්දල පදිංචිකරුවෙකු වනවා.

අනතුර සිදු වී විනාඩි කිහිපයක් ගතවුවද මාර්ගයේ ගමන් ගත් වාහන එම ස්ථානයේ නොනවත්වා ගමන් කරන ආකාරය දැක ගත හැකි වන අතර පසුව අනතුර සිදු කල මෝටර් රථයෙන්ම ඒ ආසන්නයේ සිටි පුද්ගලයෙකු සමග තුවාලකරු හෝමාගම මූලික රෝහලට භාරදී දීමට කටයුතු කර තිබෙනවා.

රෝගියා බාර දීමෙන් අනතුරුව මෝටර් රථයේ රියදුරු පලා ගොස් තිබූ අතර අද (02)  නීතිඥවරයෙකු මාර්ගයෙන් අතුරුගිරිය පොලිසියට භාර වී ඇති බව වාර්තා වනවා.