Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දියාවට එරෙහිව මැතිව්ස්ගෙන් අභියෝගාත්මක අර්ධ ශතකයක් (PHOTOS) 




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන 3 වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය මීට නොබෝ වේලාවකට පෙර අවසන් වුණා.

ඉන්දීය කණ්ඩායම අද (03) සිය පළමු ඉනිම අවසන් කළේ කඩුළු 7 කට ලකුණු 536 ක් රැස්කර ගෙන සිටියදීයි.

නායක විරාට් කෝලි ලකුණු 243 ක් රැස් කළා.

පන්දු යැවිමේදී ලක්‍ෂාන් සදකැන් ලකුණු 167 කට කඩුළු 4 ක් බිද හෙළුවා. සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 3 ක් දැවී ලකුණු 131 ක් රැස්කර ගෙන සිටියා.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි දිල්රුවන් පෙරේරා ලකුණු 42 යි.

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 57ක් රැස්කර ගෙන සිටිනවා.

ලකුණු 25 ක් රැස්කර ගනිමින් ඔහු සමග නොදැවී පන්දුවට පහර දෙන්නේ නායක දිනේෂ් චන්දිමාල්.

තරගයේ මුල් භාගයේදී ඉන්දීය වේග පන්දු යවන්නන්ගෙන් ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට ප‍්‍රබල අභියෝගයක් එල්ලවීමද කැපී පෙනුනා.

 

--------------

තරගය මොහොතකට නවතියි - ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුඛවාඩම් පළඳියි (03-12-2017 12:01)

කසුන් කැලුම් 

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වන විට පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගය මොහොතකට නතර කෙරුණා.

ඒ, ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් මුඛවාඩම් පැළඳ තරගයට එක්වීම හේතුවෙන්.

මෙහිදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් පවසා ඇත්තේ දිල්ලි නුවර පවතින වායු දූෂණයෙන් ආරක්ෂා වීමට මුඛවාඩම් පැළඳි බවයි.

ශ්වසන අපහසුතා මඟහරවා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් මෙලෙස මුඛවාඩම් පැළඳ තිබෙනවා.  

මේ පිළිබඳ විනිසුරුවරුන් දෙදෙනා සහ ශ‍්‍රී ලංකා - ඉන්දීය නායකයින් දෙදෙනා පිටියේදී කෙටි සාකච්ඡාවක ද නිරත වන ආකාරයක් දක්නට ලැබුණා.

පසුව විනාඩි 16කින් අනතුරුව තරගය යළි ආරම්භ කිරීමටයි තීරණය කෙරුණේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් තවමත් පන්දු රකිමින් සිටින්නේ මුඛවාඩම් පැළඳයි.

ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉණිම සඳහා මීට නොබෝ වේලාවකට පෙර කඩුලූ 06ක් දැවී ලකුණු 519ක් රැස්කර ගෙන සිටිනවා.