Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය

තරංග රුක්ෂාන් ජයසේකර




ඉන්දීය එක්දින තරගාවලිය සඳහා සහභාගිවීමට කටුනායක ගුවන් තොටුපොලට ගොස් සිටියදී නැවත කැඳවූ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ අනුමැතිය හිමි වි තිබෙනවා.

, අදාළ බලධාරින් කැදවා කරුණු විමසීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.

ශී්‍ර ලංකාවේ කී්‍රඩා නීතියට අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව කිසියම් කණ්ඩායමකට තරගාවලියක් සඳහා සහභාගිවීමට අවසර ලැබෙන්නේ නැහැ.

නිසි අවසරයකින් තොරවයි ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04) රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොලට ගොස් ඇත්තේ.

සාමාන්‍යයෙන් කණ්ඩායමක් විදෙස්ගතවීමට පෙර සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් කවුරුන් දැයි ක්‍රීකට් ආයතනය නිල වශයෙන් මාධ්‍යයට දැනුම් දෙනවා.

එහෙත් මෙවර එවැන්නක්ද සිදුවුයේ නැහැ. තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයින් නව දෙනෙකු මෙලෙස ඉන්දියාව බලා පිටත්ව යාමටයි සූදානම් වුයේ. කෙසේවෙතත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලියට සහභාගි වන ඉන්දීය කණ්ඩායම මේ වනවිටත් ප්‍රකාශයට පත්කර අවසන්.