Saturday, April 27, 2024

General line - 0115112241

ගජමුතු - ඇත්දළ කැබලි සහ මුද්දක් සමග තවත් දෙන්නෙක් කොටු




ගජමුතු ළඟ තබාගෙන සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ගල්ගමුව තඹුත්ත සහ මීගලෑව බණ්ඩාරගම යන ප‍්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, නිකවැරටිය කොට්ඨාස බුද්ධි අංශය සහ ගල්ගමුව පොලිසිය එක්ව ඊයේ (06) රාත‍්‍රියේ සිදු කළ වැටලීමකදීයි.

සැකකරුවන් සතුව තිබී ඇත්දළ යොදා සකස් කළ මුද්දක් සහ ඇත්දළ කැබලි කිහිපයක් ද සොයා ගෙන තිබෙනවා.

මේ අතර ගල්ගමුව දළපූට්ටුවා නමැති ඇතා ඝාතනය කිරීමෙන් පසුව ගජමුතු සහ ඇත්දළ යොදා සකස් කළ විවිධ ආභරණ සමඟ මීට පෙර ද පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැණුනා.