Friday, April 26, 2024

General line - 0115112241

දළ පූට්‌ටුවාගේ 'ඝාතකයින්ට' ඉල්ලන දඬුවම මෙන්න 




ජාවාරම්කරුවන්ට බිලිවෙන අලි ඇතුන් බේරාගැනීමට නම් දළපූට්‌ටුවාගේ ඝාතකයින්ට මරණීය දණ්‌ඩනය ලබාදීම සිදු කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ  ඉතා ඉක්‌මණින් ඇත් ආරක්‌ෂක බළකායක්‌ ද පිහිටුවිය යුතු බවයි.

පවතින  නීති රීතිවලට අනුව අලි ඇතුන් මරණ පුද්ගලයන්ට හිමිවන්නේ කෙටි සිරදඬුවමක්‌ හා සුළු  දඩයක්‌ වන නිසා යළි නිදහස්‌වී නැවත එම වරදම කිරීමට ජාවාරම්කරුවන් පෙළෙඹෙන බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

ඉදිරියේදී  අලි ඇතුන් මරණයෙන් මුදා ගැනීමට රජය පියවර ගත යුතු බවද ඔහු අවධාරණය කරනවා.