Friday, April 26, 2024

General line - 0115112241

සා.පෙළ දරුවන්ට කරන්න යන වැඩක් ගැන අධ්‍යාපන ඇමති කියයි




දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ අනිවාර්ය විෂයන්, ඉදිරියේ දී විෂයන් 06 කට සීමා කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ අවධානය යොමුව තිබෙනවා. නුගේගොඩ අනුලා විද්‍යාලයේ දී ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය නිමිත්තෙන් ඊයේ (07) පැවති ජාතික උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ පැවසුවා. එම ප්‍රධාන විෂයන් වලට අමතර සියළු සෙසු විෂයන් ප්‍රයෝගික මෙන්ම දියුණු ඇගයීම් ක්‍රමයකට අනුව සැලසුම්කොට, විෂය මාලාවන් හී පුළුල් වෙනසක් ඉදිරියේ දී සිදුකරීමට අපේකෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා.

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින්, සුරක්ෂා සිසු රක්ෂණාවරණය හඳුන්වාදීමේ දී, එය කළ හැකි දෙයක් දැයි බොහෝ පිරිස් ප්‍රශ්න කළ ද, අද එය යථාර්ථයක් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමත් වී ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී විශේෂයෙන් පැහැදිලි කළා. එමෙන්ම සුරක්ෂා සිසු රක්ෂණාවරණය ලබා ගැනීම සඳහා සිසු දරුවන් වෙත අවශ්‍ය නිවැරදි මඟපෙන්වීම ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා සියළු විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියා. එමෙන්ම සිසු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වූ අනාගත භාරදූර වගකීම පිළිබඳව වත්මන් රජය නිරන්තර අවධානයෙන් පසුවන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.

සුරක්ෂා සිසු රක්ෂණාවරණය ගැන සියළු සිසුන් සහ මව්පියන් දැනුවත් කිරීම සඳහා විශේෂ පත්‍රිකාවක් ද අධ්‍යාපන අමාත්‍යවරයා අතින් මෙහි දි  සංකේතාමකව පිරිනැමුණා. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්ස හ ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති හේමක අමරසූරිය ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් මේ උත්සවයට එක්ව සිටියා.