Saturday, April 27, 2024

General line - 0115112241

අමාත්‍ය ජෝන් අමරතුංගගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරික්ෂණයක් ඉල්ලයි

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




ඉකුත්දා ජෝන් අමරතුංග අමාත්‍යවරයා වත්තල ගල්වැටිය ප‍්‍රදේශයේ දී සිදුකළ බව කියන ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් පරීක්ෂණයක් සිදු කළ යුතු බව හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ඉදිරි පළාත් පාලන මැතිවරණවලදී පොලිසිය සහ මැතිවරණ සියලූ නිලධාරීන් සිටින්නේ ආණ්ඩුව පාර්ශවයේ බවටයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ.

හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මේ බව ප‍්‍රකාශ කළේ අද විශේෂ මාධ්‍ය හමුවක් කැවමින්.