Saturday, April 27, 2024

General line - 0115112241

පෞද්ගලික සෞඛ්‍ය ආයතන සහ වෛද්‍යවරුන්ට ලියාපදිංචිය අනිවාර්ය කරයි! ලියාපදිංචියට මසක කාලයක්




පෞද්ගලික සෞඛ්‍ය ආයතනවලට සහ වෛද්‍යවරුන්ට ලියාපදිංචිය සදහා මාසයක සහන කාලයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව සියලූම පෞද්ගලික රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන, රසායනාගාර මධ්‍යස්ථාන, හෙද පුහුණු පාසල් සහ ගිලන් රථ සේවා මෙන්ම පූර්ණ කාලීන සහ අර්ධකාලීනව රාජකාරියේ නියුතු වෛද්‍යවරුන් ද ලියාපදිංචි විය යුතුයි.

ඒ, පෞද්ගලික වෛද්‍ය නියාමන කොමිෂන් සභාව යටතේයි. ලබන ජනවාරි මස 01 සිට 31 වනදා දක්වා කාලය තුළ ලියාපදිංචිය සිදුකළ යුතු වනවා. එම කාලයෙන් පසුව ලියාපදිංචි වී නොමැති සියලූම වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ.