Saturday, April 27, 2024

General line - 0115112241

සුළු අඩුපාඩු නිසා නාම යෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප වුණා




සුළු අඩුපාඩු හේතුවෙන් පොදු ජන පෙරමුණේ නාම යෝජනා කිහිපයක් ප්‍රතික්ෂේප වුවද අඩුපාඩු සහිත එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා ප්‍රතික්ෂේප නොවූ බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මේ බව කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය කොළඹදී අද පැවත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයටකට පිළිතුරු ලබා දෙමින්. 

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල නාම යෝජනා සකස් කිරීම සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට පාර්ලිමේන්තු මන්ත්‍රී සී බී රත්නායක අද (15) පිළිතුරු ලබා දුන්නා. 
ඒ, නුවරඑළියේ පැවති සාකච්ඡාවකදීයි.  

ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමේ සූදානමක් ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් සී බී රත්නායක මන්ත්‍රීවරයාගෙන් මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.
එවැනි සූදානමක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

තමන් කිසි විටෙක ගිලෙන නෞකාවක ගමන් කිරිමට සූදානම් නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.