Friday, April 26, 2024

General line - 0115112241

පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණ හැටි ජී.එල් කියයි

තුෂාර වීරරත්න




පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා ඉදිරිපත් කළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනාවල තාක්ෂණික දෝෂ ඇතිවූයේ මන්දැයි එහි සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පළමුවරට අද අනාවරණ කළා. ඒ, නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකදීයි. 

මෙවැනි තාක්ෂණික දෝෂ ඇති වී තිබෙන්නේ නොසැලකිල්ල නිසා බවද සභාපතිවරයා ලෙස මහාචාර්ය ජී එල් පීරිස්ගේ සහ පොදුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නොහැකියාව එයින් පිළිබිඹු වන බවද බොහෝ පාර්ශව කියා සිටියා. කෙසේ වෙතත් මහාචාර්ය ජී එල් පීරිස් පවසන්නේ මෙම තාක්ෂණික දෝෂ ඇති වූයේ නාමයෝජනා සකස් කිරීමේදී පැවති දැඩි තෙරපීමක් නිසා බවයි. 

පළාත් පාලන ආයතන 93ක් සඳහා නාමයෝජනා භාරගැනීම ඉකුත් 14 වනදා අවසන් වුණා. එම පළාත් පාලන ආයතන සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනාවලින් ප‍්‍රතික්ෂේප වූ නාමයෝජනා ගණන 06ක්. 

ප‍්‍රතික්ෂේප වූ නාමයෝජනා සම්බන්ධයෙන් අධිකරණයේ සහන පතන බවද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මීට පෙර කියා සිටියා. ඒ පිළිබ`ද කළ විමසීමකදී මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ අදාළ අධිකරණ කටයුතු ස`දහා මේ වනවිටත් නීතිඥවරුන් සමග සාකච්ඡා සිදු වන බවයි. 

සිදු වූ වැරදිවලින් පාඩම් ඉගෙන ගෙන සෙසු පළාත් පාලන ආයතන සඳහා වැරදි නොමැති නාමයෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

පළාත් පාලන ආයතන 248ක් සඳහා නාමයෝජනා භාරගැනීම හෙට ආරම්භ කිරීමට නියමිතයි. ලබන 21 වනදා මධ්‍යහන 12 දක්වා එම කටයුතු සිදු වනවා.