ශී‍්‍ර ලංකාවේ තේ සඳහා පනවා ඇති තහනම ඉවත් කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට තේ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු තාක්ෂණික කමිටුවක් අද (24) උදෑසන රුසියාව බලා පිටත්ව ගියා.
මෙරට තේ ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට රුසියානු රජය ගෙන ඇති තීරණය මෙරට තේ කර්මාන්තය මෙන්ම තේ අපනයනයටත් විදේශ විනිමය ආදායමටත් එල්ල වූ බලවත් පහරක් ලෙසයි සැලකෙන්නේ.
එරටට යැවූ තේ බහාලූමක තේ කර්මාන්තයට මෙන්ම කෘෂි කර්මාන්තයට හානිදායක කෘමියෙකු ලෙස සැලකෙන කප්රා නමැති කෘමියෙකු හමුවීම මෙම තහනමට හේතු වුණා. මතුව ඇති තේ අර්බුදය විසඳා ගැනීමට රුසියානු රජයේ නිලධාරීන් සමග හෙට (25) සිට සාකච්ඡා ආරම්භ කරන බවයි තේ පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය කීර්ති මොහොට්ටි නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ශි‍්‍ර ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවෙකු වන රුසියාව මෙරට මුළු තේ අපනයෙන් සියයට විසිපහක් පමණ මිලදී ගනු ලබනවා. පසුගිය මාස කිහිපයයේදී රුසියාවට තේ කිලෝග්‍රෑම් මිලියන විසිපහක් පමණ අපනයන කර ඇති බවයි තේ මණ්ඩලයේ වාර්තාවල දැක්වෙන්නේ.
මතුව ඇති අර්බුදය විසඳා ගැනීමට තේ මණ්ඩලයේ නියෝජිතයින් සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් රුසියානු තානාපතිවරයා සමග මීට පෙර සාකච්ඡා පැවැත්වුණා.
(මේ සම්බන්ධයෙන් මීට පෙර පළ වූ පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න)