රට තුළ පවතින සහල් ගැටළුවට තවත් සති තුනක් ඇතුළත විසදුම් ලබාදිය හැකි බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
නෙත් නිවුස් කළ කරුණු විමසීමකදි ඔහු කියා සිටියේ මෙවර කන්නයේ වී මිලදි ගැනීම සඳහා රජයේ ගබඩා සූදානම් කරමින් සිටින බවයි.
වීවල සහතික මිල තවත් දින කිහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බවද කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.