Wednesday, January 8, 2025

General line - 0115112241

දුම්රිය දෙපාර්තමේන්තුවත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අද සිට එක්වෙයි




ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවද අද සිට සක්‍රීයව එක්වනවා. 

ඒ අනුව දුම්රිය ස්ථාන ජනහිතකාමී ස්ථාන බවට පත් කිරීමේ අරමුණින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ශ්‍රමදානයක් ආරම්භ කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ. 

එම වැඩපිළිවෙළ ඉදිරියේදී සෙසු දුම්රිය ස්ථානවලද ක්‍රියාත්මක කරන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.   


මගීන්ට වඩාත් යහපත් සේවයක් ලබා දීම සඳහා ඉදිරියේදී දුම්රිය ස්ථාන මූලික කරගෙන කමිටු පත් කිරීමටද පියවර ගන්නා බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළා.