Wednesday, January 8, 2025

General line - 0115112241

බස්රථ පරික්‍ෂා කිරීමේ නව ක්‍රමවේදයත් සමග රිය අනතුරු අඩු වී ඇති බව පොලීසිය කියයි




අනතුරු අවම කර ගැනීම සහ ජීවිත බේරා ගැනීමට ආරම්භ කළ පොලිස් මෙහෙයුම් සම්බන්ධයෙන් ජනතාව ප්‍රසාදය පළ කරනවා. 

ඇතැම් පාර්ශව ඊට විරෝධය දැක්වුවද ඒ පිළිබඳව නොසලකා එම මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන ලෙසයි ජනතාව ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ. 

නෙත් නිවුස් කළ ක්ෂේත්‍ර චාරිකාවකදී ජනතාව ඒ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.


කෙසේවෙතත් පොලීසිය ක්‍රියාත්මක කරන එම මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දැක්වූයේ මෙවන් අදහසක්.  


මෙය පෞද්ගලික බස් කර්මාන්තය මෙරටින් තුරන් කිරීමේ සැලැස්මක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. 


ඇතැමුන් චෝදනා කළද ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව ආරම්භ කළ මෙම මෙහෙයුම්වල සාර්ථකත්වය මේ වන විටත් සනාථ වන බව පොලීසිය පවසනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ රිය අනතුරුවලින් මියයන පිරිස සහ රිය අනතුරු ප්‍රමාණය මේ වන විටත් අවම වී ඇති බවයි.