Friday, April 26, 2024

General line - 0115112241

ජගත් සංවිධානයත් යුද ප්‍රකාශ කර ඇති බවට ප්‍රකාශයක්

බී.බී.සී ඇසුරෙන්




එක්සත් ජාතීන්ගේ සංවිධානය පැනවූ නව සම්බාධක තම රටට එරෙහි යුද ප‍්‍රකාශ කිරීමක් සේ සළකන බව උතුරු කොරියාව පවසනවා.

එරට විදේශ අමාත්‍යංශය පවසන්නේ මේ හේතුවෙන් තම රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වන බවයි.

උතරු කොරියානු බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස ඉකුත් සිකුරාදා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නව සම්බාධක පනවනු ලැබුවා.

ඒ අනුව, උතුරු කොරියාවෙන් පෙට‍්‍රල් ආනයනය සියයට 90කින් කපා හරිනු ඇති.

කෙසේ වෙතත් උතුරු කොරියාව පවසන්නේ නව සම්බාධක පැනවීම හරහා අමෙරිකාවට ප‍්‍රතිචාර දැක්විය හැකි එකම මාර්ගය තවත් ශක්තිමත් වූ බවයි.