Saturday, April 27, 2024

General line - 0115112241

සාම්ප්‍රදායික නත්තල් දේව මෙහෙය පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන්

සජිත් තිලකරත්න




ශුද්ධොත්තම පාප් වහන්සේ විසින් මෙහෙයවනු ලබන සාම්ප්‍රදායික නත්තල් දේව මෙහෙය වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදි අද (25) සිදුකෙරුණා.

පාප් වහන්සේගේ මෙවර ප්‍රධාන ප්‍රාර්ථනය වූයේ ජෙරුසෙලමට සාමය උදා වේවා යන්නයි.

අහිංසකයන්ගේ ලේ වැගිරීම් සිදු කරන නායකයන්ගෙන් මිදී යන ලෙස ජනතාවට දැනුම් දෙන බවද මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මෙරට පැවති ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ රාගම ශාන්ත පීතර හා ශාන්ත පාවුළු දේවස්ථානවලදීයි.

, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කළ නත්තල් දේව මෙහෙය සිදු කෙරුණේ ගම්පහ සිරිකුරුස දේවස්ථානයේ දීයි.

එය නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීව ලෙස ප්‍රචාරයද කෙරුණා.

මෙැ අතර උදාවූ නත්තල වෙනුවෙන් සිරකරුවන් පිරිසකට  නිදහස් ලබා දීමට රජය තීරණය කර තිබුණා.

ඒ අනුව, අද නිදහස් වූ සිරකරුවන් ගණන 526ක්. මෙලෙස නිදහස් කර තිබුණේ එළිමහන් ක`දවුරු සහ බන්ධනාගාර 28ක ර`දවා සිටි රැ`දවූවන් පිරිසක්.