Friday, April 26, 2024

General line - 0115112241

සිව්වන තරගය ජය පැරදුමෙන් තොරව අවසන් (UPDATE)




අළුබඳුන කුසලාන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ සිව්වන තරගය අද (30) ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වුණා.

අද දිනයේ සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුළු 4 ක් දැවී ලකුණු 263 ක් ලබාගත්තා.

ඔවුන් පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 327 ක්.

එංගලන්තය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 491 ක් රැස් කළා.

තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ එංගලන්ත ඉනිම වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කළ ඇලෙස්ටයාර් කුක්.  තරගය පැවැත්වුණේ මෙල්බර්න්හිදීයි. ඒ අනුව තරග 5 කින් සමන්විත මෙම තරගාවලිය තුනට බින්දුවක් ලෙස  ඕස්ටේ‍්‍රලියාව පෙරමුණ ගෙන සිටිනවා. 

-----------------------------

අළුබඳුන සිව්වන තරගයේ අවසන් දිනය අද (PHOTOS)

(30-12-2017 06:52)

අළුබඳුන කුසලාන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ සිව්වන තරගයේ අද (30) අවසන් දිනයයි.

සිය දෙවන ඉනිම කී‍්‍රඩා කරන  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 3 ක් දැවී ලකුණු 172 ක් ලබාසිටියා.

ඒ අනුව  ඕස්ටේ‍්‍රලියාව මේ වනවිට එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 8 ක් ඉදිරියෙන් සිටිනවා.

ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 48 යි.

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 327 ක් පමණයි. එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමේදි සියළු දෙනා දැවී ලකුණු 491 ක් රැස් කළා. එහිදී ඇලෙස්ටයාර් කුක් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 244 ක්.