Friday, April 26, 2024

General line - 0115112241

අධිකරණය මගහැර විදේශගතව සිටි අයෙක් යළි මෙරටට පැමිණෙද්දී ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

ටෝනි කරුණානායක - ගම්පහ




මුදල් වංචාවක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිට අධිකරණය මගහැර විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අද (31) අත්අඩංගුවට ගැණුනා.

, වාරියපොළ මහේස්ත‍්‍රාත් අධිකරණය නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවක් මතයි. සැකකරු බෙලිඅත්ත එගොඩවත්තේ පදිංචිකරුවෙක්.

ඔහු මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කර ඇත්තේ සැකකරු වාරියපොළ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි.

එතෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කෙරුණා.