Friday, April 26, 2024

General line - 0115112241

2017 වර්ෂයේ වැඩිම ලකුණු ලාභියා  ස්ටීවන් ස්මිත් 

තරංග රුක්ෂාන් ජයසේකර




අදින් අවසන් වන 2017 වර්ෂයේ ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ වැඩිම ලකුණුලාභියා බවට පත්වීමට  ඕස්ටේ‍්‍රලියාවේ ස්ටීවන් ස්මිත් සමත් වී තිබෙනවා. 
ඒ, තරග 11කදී ලකුණු 1305ක් රැස් කරගනිමින්. ශ‍්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න එම සටහනේ 05 වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 1031ක් සමගින්. ලකුණු 1003ක් රැස් කළ දිනේෂ් චන්දිමාල් එම සටහනේ 06 වන ස්ථානයේ පසුවනවා. 
ඕස්ටේ‍්‍රලියාවේ නේදන් ලයන් තරග 11කදී කඩුලූ 63ක් බිඳ හෙළමින් වසරේ වැඩිම කඩුලූ බිඳහෙළු ටෙස්ට් පන්දු යවන්නා බවට පත්වුණා. කඩුලූ 52ක් බිඳහෙළු රංගන හේරත් එම සටහනේ 06 වැන්නායි. 
එක්දින පිටියේ වැඩිම ලකුණුලාභියා වන්නේ තරග 26කදී ලකුණු 1460ක් රැස් කළ විරාත් කෝලියි. තරග 25ක දී ලකුනු 1011ක් රැස් කළ උපුල් තරංග එම සටහනේ තුන්වැන්නා වනවා. තරග 18කදී කඩුලූ 45ක් බිඳ හෙළු පකිස්තානයේ හසන් අලී පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවනවා. වැඩිම කඩුලූ ලාභීන් අතර 22 වන ස්ථානයේ සුරංග ලක්මාල් පසුවන්නේ කඩුලූ 19ක් දවා ගනිමින්.