Friday, April 26, 2024

General line - 0115112241

පලමු විවාහ සංවත්සරයදා අවසන් ගමන් ගිය හමුදා සෙබලා (PHOTOS)

ජයන්ත වීරසේකර - වැල්ලවාය




මොනරාගල පොලිස් බල ප්‍රදේශයේ හුලංදාව දකුණ ප්‍රදේශයේ දී අද (5) අලුයම සිදු වූ රිය අනතුරකින් යුද හමුදා සෙබලෙක් ජීවිතක්ෂයට පත් වී ඇත.මෙසේ මියගොස් ඇත්තේ හුලංදාව දකුණ ප්‍රදේශයේ පදිංචි පසිදු ලක්ෂාන් නැමති විසිදෙහැවිරිදි තරුණයෙක් බව පොලිසිය පවසනවා.

ඔහු ගමන් ගත් යතුරු පැදියේ කාර්මික දෝෂයක් හටගෙන මීපානා ඇළට පෙරලි ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති අතර මෙම තරුණයාගේ පලමු විවාහ සංවත්සරය අදට යෙදී තිබෙනවා.ඊට අමතරව ඔහුගේ බිරිඳ තෙමස් ගැබිණියක් වන අතර මල සිරුර තබා ගැනීමට පවා ඔහු ජීවත් වූ නිවසද ප්‍රමානවත් නොවීම නිසා අසල නිවසක මල සිරුර තැන්පත් කර තිබෙනවා.අනතුර සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන මොනරාගල කොඨ්ඨාශ භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ අධීක්ෂණය පරිදි මොනරාගල පොලිසිය විමර්ශන සිදු කරයි.