Saturday, April 27, 2024

General line - 0115112241

මක්කම සිට රැගෙන ආ මිලියන 4ක රත්තරං බඩු ගුවන්තොටේදී හසුවෙයි

හේමන්ත කහවලගේ




නීති විරෝධීව ස්වර්ණාභරණ තොගයක් දිවයිනට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී සොයා ගැණුනු ස්වර්ණාභරණ තොගයේ බර ග‍්‍රෑම් 800කට අධිකයි. එහි වටිනාකම රුපියල් 44,72,000කට අධික බවයි රේගුව ප‍්‍රකාශ කළේ.

කල්මුනේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු මක්කම සිට මෙම ස්වර්ණාභරණ තොගය ගෙනවිත් තිබෙනවා. ස්වර්ණාභරණ අතරට රන් මුදු 77ක් සහ රත‍්‍රං වළලූ 64ක් ඇතුළත්.

ස්වර්ණාභරණ තොගය රාජසන්තක කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක දඩයක් මත ඔහු නිදහස් කර තිබෙනවා.