Friday, April 26, 2024

General line - 0115112241

ඖෂධ ලියාපදිංචි කිරීමේ, ඔසුසැල් සහ නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ බලපත්‍ර ගාස්තු යළි සංශෝධනයට




ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ඖෂධ ලියාපදිංචි කිරිමේ ගාස්තු, සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබාගැනීමේ ගාස්තු ඊයේ (05) මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පියවර ගෙන තිබෙනවා.

සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය කළ ඉල්ලීමකට අනුව මෙලෙස ගාස්තු අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ.

2017 ජුනි 14 වන දින නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව මෙම ගාස්තු ඉහළ දමනු ලැබුවා.

එමගින් තම ව්‍යාපාරයට ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති බවට සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය අමාත්‍යවරයාට පෙන්වාදීමෙන් අනතුරුව මෙම ගාස්තු අඩු කිරීම සිදු කළා.