Friday, April 26, 2024

General line - 0115112241

නිදහස් පක්ෂට රටට හා ජනතාවට ජය ගෙන දුන්නා




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය රටට ජනතා ජයග‍්‍රහණ ලබා දෙන පක්ෂයක් බවට පත් කළේ එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන් බව එහි මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 119වන ජන්ම දින සැමරුමට අද (08) එක් වෙමින්.

මෙම සැමරුම අද (08) පෙරවරුවේ පැවැත්වුණේ කොළඹ ගාලූ මුවදොර පිටියේ එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ පිළිරුව අභියසදීයි.

, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.