Saturday, April 27, 2024

General line - 0115112241

කටුනායක අධිවේගී මාර්ගයේ 'කොළඹ - නුවර' මාර්ගයට සම්බන්ධ වන පිවිසුම් මාර්ගය වසා දැමේ




කැලණිය සහ වත්තල දෙසට වාහන පිටවීම සඳහා භාවිත කරන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ - නුවර මාර්ගයට සම්බන්ධ වන පිවිසුම් මාර්ගය අද (10) උදෑසන සිට වසා දමා තිබෙනවා.

ඒ, නව කැලණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන්. කෙසේ වෙතත් කටුනායක අධිවේගී මාර්ගයේ සිට කොළඹ දෙසට පැමිණෙන වාහන සුපුරුදු පරිදි ගමන් කළ හැකි බවයි පොලිසිය පවසන්නේ.

විකල්ප මාර්ග භාවිත කළ යුත්තේ කැලණිය හා වත්තල දෙසට පිටවීම සඳහා කැලණි පාලම අසළින් ඇති පිවිසුම් මාර්ගය භාවිත කරන රියදුරන්. 

ඒ අනුව විකල්ප මාර්ග ලෙස කටුනායක අධිවේගී මාර්ගයේ සිට කැලණිය, පෑලියගොඩ දෙසට පිටවීම සඳහා පෑලියගොඩ හුවමාරුව භාවිත කර කොළඹ - නුවර මාර්ගයට පිවිසිය හැකියි. 

කටුනායක - අධිවේගී මාර්ගයේ සිට වත්තල සහ පෑලියගොඩ දෙසට පිටවීම සඳහා පෑලියගොඩ හුවමාරුව භාවිත කර මීගමුව මාර්ගය දෙසට පිවිසිය හැකි බවයි පොලිසිය පැවසුවේ.