Saturday, April 27, 2024

General line - 0115112241

පාපැදි සම්මේලනයේ මුල් පුටු වෙනස් වෙයි (UPDATE)

කසුන් කැලුම්




 

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ලෙස නවරත්නරාජා කරුණාරත්න අද තේරීපත් වුණා.

අද පැවති නිලවරණයේදී පාපැදි සම්මේලනයේ ලේකම් ධුරය සඳහා නිතරගයෙන් තේරීපත් වුණේ නිහාල් කුලසේකරයි.

උපලේකම් ධුරය සඳහා නිලුකා සුරංජි පත්වූ අතර භාණ්ඩාගාරික ධුරයට පත්වුණේ සේනක රණසිංහයි. පාපැදි සම්මේලනයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ 41ක් නිලවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියා.

-------------

පාපැදි නිලවරණය අද (12-01-2018 08:28)

ශී‍්‍ර ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය අද (12) පැවැත්වෙනවා. ඒ, ජාතික කි‍්‍රඩා විද්‍යායතනයේදීයි. සභාපති ධුරය සදහා එන් කරුණාරත්න, ඩබ්ලිව් එම් එස් බණ්ඩාර සහ විල්මන් පෙරේරා තරග වදිනවා. පාපැදි සම්මේලනයේ නිලවරණය මීට පෙර අවස්ථා කිහිපයකදි පැවැත්වීමට නියමිතව තිබුණත් නාමයෝජනා ප‍්‍රතික්‍ෂේපවීමෙන් එම නිලවරණය කල්ගියා. පාපැදි සම්මේලනයේ ලියාපදිංචි කී‍්‍රඩා සමාජ 41 ක් අද ඡන්දය ප‍්‍රකාශ කිරීමට නියමිතයි.