Friday, April 26, 2024

General line - 0115112241

ඇතාගේ දළ යුගළ ඩී එන් ඒ පරික්ෂණයට

උපාලි ආනන්ද - අනුරාධපුරය




වෙඩි තබා ඝාතනය කෙරුනු කල්ලාරු ඇතාගේ දළ යුගළයෙහි කොටස් ඩී එන් ඒ පරීක්ෂණයක් සඳහා යොමු කර එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළා.

අනුරාධපුර මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අනුරාධපුර පොලිස් කොට්ඨාශ අපරාධ අංශයට මෙම නියෝගය නිකුත් කළේ අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදීයි.

මෙම අපරාධය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කඩිනම් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.

මෙම අපරාධය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ්භාරයේ සිටින සැකකරුවන්ට ඇප ලබා දෙන්නැයි ඔවුන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා කළ ඇප ඉල්ලීමද මෙහිදී ප්‍රතික්ෂේප කෙරුණා.

අදාළ සැකකරුවන් තිදෙනා මේ මස 26වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධානගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ.