Wednesday, July 18, 2018
Hotline - 0770586666

මිහින් ලංකා ගැන සොයන්න සති දෙකකින් කොමිසමක්

මේනකා රත්නායක

835Views

 

මිහින් ලංකා ගනුදෙනුව සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා දෙසතියක් ඇතුළත විමර්ශන කොමිසමක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

තිස්සමහරාම දෙබරවැව ක්‍රීඩාංගණයේ අද (12) පස්වරුවේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මේ අතර ජනාධිපතිවරයා අද (12) අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවක්ද ඇමතුවා.