Friday, April 26, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්නන්න සූදානම්




කිසියම් පාර්ශවයක් අභියෝග කරන්නේ නම්ඕනෑම අවස්ථාව පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.

බණ්ඩාරගම ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

සම්මුතිවාදී ක‍්‍රමය කවුරුන් හෝ ප‍්‍රතික්ෂේප කරන්නේ නම් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් බිහි කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.