Friday, April 26, 2024

General line - 0115112241

හිටපු ජනපති සබරගමුවේ මහ ඇමතිව පිළිගනි




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත් දා පාර්ලිමේන්තුවේදී හැසිරුණු ආකාරය තමන් කිසිසේත් අනුමත නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

රත්නපුර ප‍්‍රදේශයේ දී අද (13) ජන හමුවකට එක් වෙමින් පළ කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කෑගල්ලේ ප‍්‍රදේශයේ සංවිධාන කළ ජන රැළියකට සබරගමු පළාත් මහ ඇමති මහීපාල හේරත් ද අද (13) එක් වුණා.

මහීපාල හේරත් ඒකාබද්ධ විපක්ෂය සමග එක්වීමේ සූදානමක් පිළිබව ඉකුත්දා මාධ්‍ය වාර්තා ද පළ වී තිබුණා.

කෑගල්ලේ පැවති මෙම ජන රැළියට හිටපු ජනාධිපතිවරයා ද එක්ව සිටි අතර, මහීපාල හේරත් මහ ඇමතිවරයාව එහිදී පිළිගනු ලැබුවේ හිටපු ජනාධිපතිවරයා විසින්.