Friday, April 26, 2024

General line - 0115112241

එජාපයේ අරමුණ මෛත්‍රිව සහ මහින්දව අපහසුතාවයට පත් කිරීමලු

කසුන් කැලුම්




වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අපහසුතාවට පත් කරමින් එක්සත් ජාතික පක්ෂය කෙසේ හෝ බලය ලබා ගැනීමේ උත්සයක නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පේ‍්‍රමලාල් ජයසේකර පවසනවා.

ජාතික ආණ්ඩුව සමග කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයේ කි‍්‍රයා කලාපයන් තමන් අනුමත නොකරන බවයි මන්තී‍්‍රවරයා පැවසුවේ.

තමන් එ්කාබද්ධ විපක්ෂය සමග එක්වීමට තීරණය කළේ මේ නිසා බවද නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර පේ‍්‍රමලාල් ජයසේකර කියා සිටියා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකු ඉදිරියේදී එ්කාබද්ධ විපක්ෂය සමග එක්වීමට නියමිත බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.