Friday, April 26, 2024

General line - 0115112241

ඉතිහාසයට එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම වසරේ සහභාගි වන පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඉතිහාසයට එක්වීමට අවස්ථාවක් උදාවී තිබෙනවා.

, තරගය පැවැත්වෙන බංග්ලාදේශයේ ශරේ බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිය වන ජාත්‍යන්තර තරගයට සහභාගි වූ කණ්ඩායම බවට පත්වෙමින්.

මෙම තරගය පැවැත්වෙන්නේ ලබන 17 වනදා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරයි.

මීට පෙර එක්දින තරග 100 ක් පවත්වා ඇත්තේ ක්‍රීඩාංගණ 5කදි පමණයි.

මේ අතර ශ්‍රී ලංකාවද සහභාගි වන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අද (15) ආරම්භ වනවා.

පළමුව තරග බිමට පිවිසෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගාවලියේ ප්‍රතිවාදීන් වන සත්කාරක බංග්ලාදේශය හා සිම්බාබ්වේ කණ්ඩායම්.

චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉවත් වූ පසු ඔවුන් සහභාගි වන පළමු ජාත්‍යන්තර තරගයද මෙයයි.