Friday, April 26, 2024

General line - 0115112241

එකවරම ඇති වූ පිපිරීමකින් මහල් නිවාසයක් කඩා වැටෙයි - පිපිරීමට හේතුව මෙතෙක් හෙළි නොවෙයි (PHOTOS) (VIDEO)




බෙල්ජියමේ ඇන්ට්වර්ප් නගරයේ සිදුවූ පිපිරීමකින් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී තිබෙනවා.

මෙලෙස කඩා වැටී ඇත්තේ නිවාස සංකීර්ණයක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

සිද්ධියෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා.

පිපිරීම හමුවේ අදාළ ගොඩනැගිල්ල අසල පිහිටි තවත් ගොඩනැගිලි තුනකට අර්ධ හානි සිදුව ඇතැයි වාර්තා වුනා.

සිද්ධියෙන් පුද්ගලයින් 20දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි ද සඳහන්. කඩා වැටුනු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත්වී තිබෙනවා.

එම පුද්ගලයින් අතර කුඩා දරුවෙකුද වන බවයි වාර්තා වන්නේ. පිපිරීමට හේතුව මෙතක් අනාවරණය වී නැහැ.

මෙය ත‍්‍රස්ත කි‍්‍රයාවක් නොවන බව බෙල්ජියම් බලධාරින් සඳහන් කළා. එහෙත් මෙම සිද්ධිය වාර්තා වන්නේ 2016 වසරේ බ‍්‍රස්ල්ස් අගනුවර ඉලක්ක කර එල්ල වුනු ප‍්‍රබල ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව බෙල්ජියමට පැනවූ ත‍්‍රස්ත අධි අවධානම තවදුරටත් කි‍්‍රයාත්මක වෙමින් ඇති පසුබිමක් තුළයි.