Friday, April 26, 2024

General line - 0115112241

මත්පැන් සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කරන්න කැබිනට් අනුමැතිය




මත්පැන් විකිණිම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිකුත් කළ ගැසට් නිවේදන 2 අවලංගු කිරීමට අද (16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී  ඒකමතික අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පකෂ මූලස්ථානයේ අද (16) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද සමරසිංහ මේ  පිළිබඳ තොරතුරු අනාවරණ කළා. 

අදාළ යෝජනාව ශ්‍රී ලංකාවේ සංස්කෘතියට නොගැලපෙන බව කැබිනට් මණ්ඩලයේ දී පෙන්වාදුන් අතර එය අහෝසි කිරිමේ යෝජනාවට කිසිඳු පාර්ශ්වයක් විරුද්ධ නොවු බවද අමාත්‍යවරයා කියා සිටියා.

ඒ අනුව ඒකමතිකව අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවයි අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව අදාළ ගැස්ට් නිවේදනය පසුගියාද නිකුත් කරනු ලැබුවා.

ජනාධිපතිවරයා පසුගියදා අගලවත්ත පුදේශයේ පැවැති ජන හමුවක දී පැවසුවේ අදාළ ගැසට් නිවේදනය අහෝසි කරන බවයි.