Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සිම්බාබ්වේ හමුවේ හොඳ තරගයක (UPDATE)

කසුන් කැලුම්




සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රීලංකා කණ්ඩායම පරදා ලකුණු 12ක ජයක් ලැබුවා. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 290ක්

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට ඕවර් 48යි පන්දු එකකදී සියළුම දෙනා දැවී ලකුණු 278 පමණයි.

----------------------------------------------------------

ශ්‍රී ලංකාවට 291ක ඉලක්කයක්

17-01-2018 15:20

බංග්ලාදේශයේ පැවැත්වෙන තුනකොන් කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා - සිම්බාබ්වේ තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 290ක්.

විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ සිකන්දර් රාසා පන්දු 67කදී නොදැවී ලකුණු 81ක් රැුස්කළා. හැමිල්ටන් මසකඩ්සා ලකුණු 73යි. පන්දු යැවීමේදී අසේල ගුණරත්න ලකුණු 37කට කඩුළු 3ක් බිඳ හෙළුවා. තිසර පෙරේරා ලකුණු 43කට කඩුළු 2යි. 

------------------------------------------------

ශ්‍රී ලංකා පිළ පිටියට පිවිසෙයි (UPDATE)

17-01-2018 11:40

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි ශ්‍රී ලංකා පිළ අද පිටියට පිවිසියේ.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය කළා.

 

---------------------------------

හතුරුසිංහ පුහුණු කළ කණ්ඩායම අද පළමු සටන අරඹයි

(17-01-2018 05:47)

 

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද (17) පැවැත්වෙනවා.

එ් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.

මෙම වසරේදී ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු ජාත්‍යන්තර තරගය මෙය වන අතර චන්දික හතුරුසිංහ ප‍්‍රධාන පුහුණුකාර තනතුරට පත්වීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා පිළ මුහුණ දෙන පළමු තරගයද මෙය වනවා.

දිවා රාතී‍්‍ර තරගයක් ලෙස මිර්පූර් හි ශී‍්‍ර බංග්ලා කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිතයි.

එම කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන සිය වැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයද මෙය වනවා. ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම කී‍්‍රඩාංගණයේදී මේ දක්වා සහභාගි වූ එක්දින තරග 17න් තරග 12ක් ජය ගැනීමට සමත්ව සිටිනවා.

මෙම කී‍්‍රඩාංගණයේදී එක්දින තරග 20කට සහභාගි වූ සිම්බාබ්වේ කණ්ඩායම ඉන් ජය ගෙන ඇත්තේ තරග 4ක් පමණයි.  

ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් සටහනේ 8 වැනි ස්ථානයේ පසුවන අතර සිම්බාබ්වේ කණ්ඩායම එහි දස වැනි ස්ථානයේ පසුවනවා.

ශී‍්‍ර ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර මේ දක්වා එක්දින තරග 55ක් පවත්වා ඇති අතර ඉන් තරග 43ක ජය වාර්තා කර ඇත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි. සිම්බාබ්වේ කණ්ඩායම ශී‍්‍ර ලංකාවට එරෙහිව ජයගෙන ඇත්තේ එක්දින තරග 10ක් පමණයි. ඉකුත් වසරේ ජූලි මාසයේදී පළමු වරට ශී‍්‍ර ලංකාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.