Saturday, April 27, 2024

General line - 0115112241

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක් ඇතුළේ රිය අනතුරක් (PHOTOS)

ඉෂාර සුපෙම් මානගේ




කොළඹ විශාඛා විද්‍යාලය ඇතුළේ දී අද (17) පෙරවරුවේ අනපේක්ෂිත රිය අනතුරක් සිදුව තිබෙනවා.

පාසල් භූමිය ඇතුළේ දී ගුරුවරියක විසින් පැදවූ මෝටර් රථයක් හදිසියේ වේගයෙන් ඉදිරියට පැමිණ ඒ අසළ තිබූ පාසල් ගේට්ටුව ආසන්නයේ තාප්පයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

අනතුරෙන් මෝටර් රථයට සහ තාප්පයට දැඩි හානි සිදුව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ සිද්ධියෙන් තුවාලකරුවන් වාර්තා වී නොමැති බවයි.