Friday, April 26, 2024

General line - 0115112241

ජංගම දුරකතනය ගිල්වා අම්මා මැරීයැයි පුතෙකුට චෝදනා

පාලිත ආරියවංශ - බදුල්ල




මවගේ උගුරට ජංගම දුරකථනයක් ඔබා හුස්ම හිරකර ඝාතනය කළ බවට සැකපිට මියගිය තැනැත්තියගේ පුතා අත්අඩංගුවට ගත් බව ඌව පරණගම පොලිසිය පවසනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ඌවපරණගම මොරගොල්ල උමානදී ගම්මාන‍යේ විසූ රත්නායක මුදියන්සේලාගේ කරුණාවති නමැති (61) හැවිරිදි කාන්තාවකි .

මව අභිරහස් ලෙස මියගොස් ඇතැයි සැකකාර පුත්රායා 16 දා උදේ පොලිසිය කරනලද පැමිණිල්ලක්කර තිබෙනවා. 15 වනදා රාත්‍රී තමා සහ බිරිඳ නිවසින් පිටවී ගියත් පසුදා (16) නිවසට පැමිණ බලන විට මව නිදියහනේම මියගොස් සිටි බවත්, ඔහුගේ පැමිණිල්ල වු බව පොලිසිය සදහන් කරනවා. 

කෙසේ නමුත් මෙය සැකකටයුත මරණයක් ලෙස සලකා මහේස්ත්‍රාත් පරික්ෂණයකට ලක්කළ බවත් මහේස්ත්‍රාත් නියෝගය මත පශ්චාත් මරණ පරික්ෂණය සදහා බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය වරයා විසින් සිදුකළ අතර එහිදි අනාවරණය වී ඇත්තේ මෙය හුස්ම හිරිකර සිදුකල ඝාතනය බවයි .

ඒ සදහා ජංගම දුරකථනයක් උගුරට දමා හිරකර ඇති බව විමර්ශන වලදි අනාවරණය වු බව පොලිසිය සදහන් කරනවා.