Saturday, April 27, 2024

General line - 0115112241

මැතිව්ස්ට තරගාවලිය අහිමිවෙයි! නව නායකයා නම් කරයි

කසුන් කැලුම්




ආබාධයකට ලක්වීම හේතුවෙන් ශී‍්‍ර ලංකා එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශ තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබෙනවා. ඒ අනුව මෙම තරගාවලියේ ඉදිරි තරගවලදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් පත්කර ඇති බවයි ක‍්‍රිකට් ආරංචි කියා සිටියේ. 

ශ‍්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගී වී සිටිනවා. ශ‍්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය බංග්ලාදේශයට එරෙහිව හෙට පැවැත්වීමට නියමිතයි.