Saturday, April 27, 2024

General line - 0115112241

බැඳුම්කර වාර්තා ගැලවුණු පිටු පවසන්නැයි ගම්මන්පිලට ජනපති ලේකම් කියයි

හේමන්ත කහවලගේ




අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධ කර ඇති බැඳුම්කර වාර්තාවේ අඩුපාඩු පිටු මොනවාදැයි නිශ්චිතව ප‍්‍රකාශ කරන ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු එම වාර්තාවේ පිටු අඩු බවට චෝදනා කරන්නන්ගෙන් ඉල්ලා සිටිනවා. අඩුපාඩු පිටු මොනවාදැයි නිශ්චිතව ප‍්‍රකාශ කරන්නේ නම් ඒ පිළිබඳ සොයා බැලිය හැකි බවයි නෙත් නිවුස් කළ විමසීමක දී ඔහු පැවසුවේ. 

අන්තර්ජාලයෙන් ප‍්‍රසිද්ධ කර ඇති බැඳුම්කර වාර්තාවේ පිටු අඩු බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල ඊයේ චෝදනාවක්. ඔහු ප‍්‍රකාශ කළේ මෙම වාර්තාව පිටු 1257කින් සමන්විත බවට ජනාධිපතිවරයා ජාතිය අමතා කියා සිටි බවයි. එහෙත් අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධ කර ඇති වාර්තාවේ ඇතුළත් වන්නේ පිටු 1154ක් පමණක් බවද මන්ත‍්‍රීවරයා පැවසුවා. 

නෙත් නිවුස් මේ පිළිබඳ කළ විමසීමේ දී ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ අදාළ වාර්තාව ජනාධිපති කොමිසන් සභාව විසින් ජනාධිපතිවරයා වෙත ලබාදුන්නේ පී ඞී එෆ් මාදිලියෙන් පෙන්ඩ‍්‍රයිව් එකක බහා බවයි. එහි ප‍්‍රධාන වාර්තාව පිටු 946කින් සමන්විත බවද ඇමුණුම පිටු 206කින් සමන්විත බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව අදාළ වාර්තාවේ මුළු පිටු සංඛ්‍යාව 1152ක් බවයි ජනාධිපති ලේකම්වරයා පැවසුවේ.