Friday, April 26, 2024

General line - 0115112241

'පා සළකුණ' ගැන පුරාවිද්‍යා විශේෂ පරීක්ෂණයක්

හේමන්ත කහවලගේ




ශ‍්‍රීපාද රක්ෂිතය ආසන්නයේ පිහිටි කලූ ගලක් මත තිබී හමු වූ අඩි එකහමාරක් පමණ දිගකින් යුක්ත පා සටහන් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

 ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් හෙට (22) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වනු ඇති. 

ගාඞ්මෝර් පොප්මොර් වතුයායේ ඉහළ කොටසේ රක්ෂිතයේ පිහිටි කලූ ගලක තිබී අඩි එකහමාරක් පමණ දිගකින් යුක්ත අදාළ පා සටහන් දෙක හමුවුණා.

ඉන් වම් පාදයේ සළකුණ තරමක් මැකී ගොස් ඇති අතර දකුණු පාදයේ සළකුණ පැහැදිලිව දක්නට ලැබෙන බවයි මස්කෙළිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැවසුවේ. 

මීට දින කිහිපයකට පෙර පොප්මෝර් වතුයායේ කම්කරුවෙකු විසින් මෙම පා සටහන් දැක ඒ සම්බන්ධයෙන් මස්කෙළිය පොලිස් ස්ථානයට දැනුම් දී තිබෙනවා. වතුකම්කරුවන් මේ වනවිට අදාළ පා සටහන් පවතින ස්ථානයේ අට්ටාලයක් සකසා පුද පුජා පවත්වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

(මේ සම්බන්ධයෙන් මීට පෙර පළ වූ පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න)