Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දුනීසියානු ජනපති අපේ අගමැතිට උදව්වක් දෙන බවට පොරොන්දු වෙයි




ශ‍්‍රී ලංකාවේ දුම්රිය සංවර්ධන කාර්යයන් සඳහා පූර්ණ සහය ලබාදෙන බව ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදාදෝ පවසනවා. ඒ සඳහා මූලික ශක්‍යතා වාර්තාවක් සැකසීමට ඉන්දුනීසියානු තාක්ෂණික ශිල්පීන් පිරිසක් ළඳදීම ශ‍්‍රී ලංකාවට පිටත් කර එවන බවයි ඉන්දුනීසියානු ජනාධිපතිවරයා පැවසුවේ. අද උදෑසන අරලියගහ මන්දිරයේ දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියා.

ඉන්දුනීසියානු - ශ‍්‍රී ලංකා ඓතිහාසික සබඳතා පදනම් කර ගනිමින් දෙරටේ මිත‍්‍රත්තවය තව තවත් ශක්තිමත් කරලීමට කටයුතු කළ යුතු බවයි ඉන්දුනීසියානු ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේ. 

07 වන සියවසේ ඉන්දුනීසියාවේ ස්ථාපිත වූ ශ‍්‍රී විජයරාජ පරපුර ශ‍්‍රී ලංකාවේ අභයගිරි විහාරය සමග සමීප සබඳතා පවත්වා ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නා. ශ‍්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයෙහි ලා ඉන්දුනීසියාවට ලබාදිය හැකි දායකත්වය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැණුනා.

අධ්‍යාපන හා සංචාරක ක්ෂේත‍්‍රයන් වර්ධනය කරලීම උදෙසා එක්ව කි‍්‍රයාකිරීමේ හැකියාවන් පිළිබ`දව ද මෙහිදී සාකච්ඡා වූ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.