Saturday, April 27, 2024

General line - 0115112241

ජනතාවට ඇහෙන්න ඉන්දියාවට බැණ බැණ ඉන්දියාවට ගුණ වයන යාපනයේ දේශපාලඥයෝ (PHOTOS)

දිනසේන රතුගමගේ




උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු උතුරේ සියළුම දෙමළ දේශපාලනඥයින් මේ දිනවල ඉන්දියාව විවේචනය කරමින් ඉන්දියාවට බැණ වදිමින් සිටිනවා. එහෙත් 26 දා යාපනයේ පැවති ඉන්දීය ජනරජ දිනය සැමරීමේ උළෙලට මේ සියළුම දෙනා සහභාගි වී ඉන්දියාවේ ගුණ ගායනා කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

යාපනයේ පෞද්ගලික හෝටලයක පැවති මෙම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වා ඇත්තේද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් විසිනි. දෙමළ ජාතික සන්ධානයේ සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන්, ආනන්ද සංගරී ඇතුළු තවත් දෙමළ දේශපාලනඥයින් රැසක්ද මේ අවස්ථාවට සහභාගිව තිබෙනවා. 

 මේ අවස්ථාවේදී ඉන්දියාව පිළිබදව යහපත් ආකල්පයකින් යුතුව අදහස් දක්වා ඇතත් ඔවුන් සියළුම දෙනා පසුගිය සතියේදී ඉන්දියාවට දොෂාරෝපණය කලේ උතුරු නැගෙනහිර පළාත් දෙක එකතු කිරීමේ ඇති අවශ්ය තාවයේදී ඉන්දියාව මැදිහත් නොවීම අසාධාරණ ක්‍රියාවක් බව කියමිනි.

යාපනයේ පැවැත්වෙනජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයට වැඩි වශයෙන්ම සහභාගි වන්නේ ඉන්දීය බහුජාතික සමාගම් නිසා එය උතුරු පළාත් සභාව විසින් වර්ජනය කළ යුතු බවටද යෝජනාවක් ඉදිරිපත් වී තිබෙණවා. මේ අවස්ථාවට යාපනයේ පිහිටි   ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධානියා ඇතුළු නිලධාරීන් රැසක්ද ඉන්දීය කලා කරුවන් විශාල පිරිසක්ද සහභාගී වී තිබෙනවා.