Saturday, April 27, 2024

General line - 0115112241

උතුරේ ඉදිවන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ ක්‍රීඩා නගරය (PHOTOS)

මාධව කුලසූරිය/දිනසේන රතුගමගේ




ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම හා උතුරු පළාත් ක්‍රීඩා නගරය ඉදිකිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණ කටයුතු උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල‍යේ සභාපති තිලංග සුමතිපාලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) යාපනය මණ්ඩතිව් ප්‍රදේශයේදී සිදුකෙරුණා.

යාපනය මණ්ඩතිව් ප්‍රදේ‍ශයේ අක්කර 50 ක භූමි ප්‍රමාණයක් පුරා මෙම ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්විය හැකි ක්‍රිකට් ක්‍රීඩාංගණය හා මළල ක්‍රීඩා පැවැත්විය හැකි ක්‍රීඩාංගණය ඉදිකිරීමට නියමිතයි.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරීන් පැවසූවේ උතුරු පළාත පුරා විසිර සිටින ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරාගෙන සංචිතයක් සකස් කොට ජාත්‍යන්තර තරඟ වෙනුවෙන් සුදුසු ක්‍රීඩකයින් බිහි කිරීම නව ක්‍රීඩාංගණය ඉදිකිරීමේ මූලික අරමුණ බවයි.